gossip lanka

කෝටි පහක් ඉල්ලා මහින්දානන්ද නඩු දමයි

පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 5 ක මුදලක් දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ
මහතා විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක රවී විද්‍යාලංකාර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.


gossip lanka