gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“වාහන බදු ඉහළ දමා ඇත්තේ ඩුබායි සමාගමකට වාසි වෙන්නයි”

ඩුබායිවල පිහිටි එක්තරා සමාගමකට වාසි වන ආකාරයෙන් වාහනවල බදු ඉහළ දමා ඇති බව ඒකාබද්ධ විපක්ෂය අනාවරණය කරනවා.

අදාළ සමාගමට පසුගිය කාලය පුරාවට ණයවර පත් නිකුත් කර ඇති බවත් ඒ අනුව මාස 3 කට පෙර ඉල්ලුම් කළ වාහන පැරණි බදු යටතේම ලබා ගැනීමේ හැකියාව පවතින බවත් එහි දී සඳහන් වූවා.

ඊයේ (05) පැවති ජන හමුවකට එක් වෙමින් මේ බව
ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන යි.

වර්තමානයේ වාහනයක බද්ධ පමණක් ලක්ෂ 15 ක් පමණ වන බවත් පසුගිය ආණ්ඩු සමයේ වාහනය ලක්ෂ 14 කට ලබාගැනීමේ හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මෙම බදු වැඩි කිරීම සම්බන්ධයෙන් සිදුව ඇති දූෂණය හා වංචාව ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

අගෝස්තු 1 වන සිට හෝ ඊට පෙර ණයවර පත් විවෘත කර ඇත්නම් 2019 ජනවාර් වන තෙත් පැරණි බදු යටතේම වාහනය ගෙන ඒමේ හැකියාව පවතින ආකාරයෙන් ගැසට් පත්‍රය මුදුණය කර ඇති බව ද ඔහු පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka