gossip lanka

කුඩුත් එක්ක උ.පෙ ලියන්න සිටි සිසුවා මාට්ටු

අද (06 දා) පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයට සූදානමින් සිටි පාසල් සිසුවකු හෙරොයින් සමඟ දංකොටුව, සිංගක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු එම ප්‍රදේශයේම හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් හෙරොයින් මිලදී ගෙන බස් රථයක් එනතුරු බස් නැවතුම්පොළේ රැඳී සිටියදී
දංකොටුව පොලිස් බුද්ධි අංශය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 30ක් සොයාගෙන ඇත.

මෙම ශිෂ්‍යයා කලක පටන් හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි අයකු බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක පතිරත්න, පොලිස් සැරයන්වරුන් වන විජේසිංහ (32084), එදිරිසිංහ (35086), පොලිස් කොස්තාපල්වරුන් වන මධුසංඛ (74893), ප්‍රභාත් (41378) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.


gossip lanka