gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් සාදයෙන් තුනක් මරුට - අනෙකා ICU

ෆේස්‌ බුක්‌ මගින් ප්‍රචාරය කර වාද්දුවේ හෝටලයක පැවැති සාදයකදී රෝගාතුර වූ සිව් දෙනකු ඊයේ (5 දා) අලුයම පානදුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනකු මියගොස්‌ ඇත. අනෙක්‌ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි එරන්ද පෙරේරා (36), දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙලාන් ශාමික
(20) සහ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි විදුරංග දිල්ෂාන් (31) යන තිදෙනාය.

රෝහල්ගත කළ අනෙක් තැනැත්තාගේද තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කඩුවෙල වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් මඟින් මෙම සාදය සංවිධානය කොට ඇත.

පෙරේදා (4දා) රාත්‍රි 7.30ට පමණ ආරම්භ වී ඇති මෙම සාදයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එක්දහස් අටසියයක් පමණ පිරිසක් සහභාගි වී ඇති බව පොලිසිය පවසයි. ප්‍රභූ ප්‍රවේශපත්‍ර රුපියල් පන්දහසකට සහ සාමාන්‍ය ප්‍රවේශපත්‍ර රුපියල් තුන්දහසකට අලෙවි කොට ඇති අතර මේ සම්බන්ධයෙන් එය සංවිධානය කළ ආයතනයේ ප්‍රචාරක කළමනාකරුගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසයි.

මෙම සාදය පැවැති පෙරේදා (4දා) දින පෙ.ව. 6 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා රටබීම විකිණීම සඳහා වූ විශේෂ බලපත්‍ර යටතේ බියර් අලෙවි කිරීම සඳහා අවසර ලබාගෙන ඇති බවත්, ශාලාවේ ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්‍ෂක ආයතනයකින් සේවය ලබාගෙන ඇති බවත්, පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

දෙස් විදෙස් ගායක ගායිකාවන් කිහිපදෙනකුද සහභාගි වී ඇති මෙම සාදය අතරතුර සිවුදෙනකු රෝගී වී ඇති අතර සාද භුමියේම තිබූ ගිලන් රථයකින් ඔවුන්ව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සාදයට සහභාගි වූවන් විවිධ මත්පෙතිද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ පස්වරු 7.00 පමණ වාද්දුව පොලිසියට මෙම සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජීවිතක්‍ෂයට පත්වූවන්ගෙන් දෙදෙනකු ඊයේ අලුයම් කාලයේදීත් අනෙක් තැනැත්තා පස්වරුවේත් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

එම මෘතදේහයන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා පානදුර රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු අද (6දා) දින සිදු කිරීමට නියමිතව ඇත.

මෙම සාදයේ සංවිධායකවරුන්, ඊට සහභාගි වූවන් සහ ජීවිතක්‍ෂයට පත්වූ අයගේ ඥාතීන්ගෙන් ඊයේ (5දා) වාද්දුව පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පානදුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka