gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි..- සුසන්තිකා

තමා ජයග්‍රහණය කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීමේ පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එවකට විපක්ෂ නායකයාව සිටියදී තමනට ඇමරිකාවට යාම සඳහා වීසා ලබා ගැනීමට පූර්ණ
සහයෝගය දී තමාගේ පදක්කම අතට ගැනීමට උපකාර කළ බවයි.

ඇය මෙසේ සඳහන් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.

තමන් ඔලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළත් එය රිදී පදක්කමක් බවට පත්වුණු පසු එ් බව රටේ බොහෝ දෙනා නොදැන සිටි බවත් එහි නියම ගෞරවය හිමි යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ඇය එහිදී සඳහන් කළා ය.

එනිසා ඒ වෙනුවෙන් අද තමන් අගමැතිවරයාට හිස නමා ගෞරව පුද කරන බවත් රිදී පදක්කම ලැබීමෙන් පසු නියම ගෞරවය ලැබුණේ අද දිනයේ බවත් ඇය සඳහන් කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka