gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාන්ගේ රුසියානු පත්වීම ස්ථීරයි !

ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්වීම ස්ථීර වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජයතිලක මහතාගේ පත්කිරීම පිළිබඳ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙන අතර පත් කිරීම සම්බන්ධයෙන් රුසියාවද සිය කැමැත්ත ප්‍රකාශකොට තිබෙන බව 'රාවය' පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්
පත්වීමේ ලිපිය ලබා දීමෙන් පසු ආචාර්ය ජයතිලක මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා, ඔහුව රුසියාවේ තානාපති ලෙස පත් කිරීමේ පුවත සත්‍යයක් බව කියා සිටියේය.

ඒ සඳහා රුසියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු පැවසිය.

මෙම පත්වීම සම්බන්ධයෙන් තමාව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වැනි ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ නියෝජිතයින්ගේ සහය පළවූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයින් පමණක් එරෙහිවූ බවත් ඔහු සඳහන් කළේය.

 ජවිපෙ විහිළු කතා !

 '' උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ජවිපෙ නියෝජිත බිමල් රත්නායක මහතා කල ප්‍රකාශය විහිළු සහගතයි. ඔහු කිවා ඔබ ආණ්ඩු විරෝධියෙක්, ඔබ රුසියාවට ගියොත් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරාවි කියලා. හැබැයි ජවිපෙ රටට කියන්නේ ඔවුන් ආණ්ඩු විරෝධී බවයි.

ඒ අතරම ඔහු මට එරෙහිව තවත් විරෝධතාවයක් ඉදිරිපත් කළා. ඒ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී වෙලා හිටපු සජින්වාස් ගුණවර්ධන මහතා මට එරෙහිව කල පැමිණිල්ලක් සම්බන්ධව. ඒ චෝදනා සම්බන්ධයෙන් තිබුන විමර්ශන වලින් මාව නිදොස්කොට නිදහස් කරලා තිබුනේ. මම කරපු වැඩ හරියි කියලත් සහතික ලැබිලා තිබුනා. සජින්වාස් වැනි අයකු කල බොරු පැමිනිල්ලක් යොදා ගනිමින් මට අවලාද නගන තරමට අද ජවිපෙ බංකොලොත්වෙලා'' ජයතිලක මහතා වැඩිදුරටත් පැවසිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka