gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාද්දුවේ ෆේස්බුක් සාදයේ සිද්ධියට 4ක් අත්අඩංගුවට

වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත්ව පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව දෙදෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ සාදය සංවිධාන කළ සමාගම් හිමිකාරියගේ සැමියා සහ එහි ප්‍රචාරක
නිලධාරීයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයටද ලක් වූ අතර, එම අවස්ථාව වන තෙක් හෝටලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණි.

පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ මෙම සාදය සඳහා බීර සහ විදේශීය මත්පැන් යොදා ගෙන ඇති බවයි.

එමෙන්ම, සාදය සඳහා විදේශිකයන්, කාන්තාවන් ඇතුලු පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවට වාර්තා වේ.

අදාළ සමාගම මෙම සාදය සංවිධාන කර තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පිරිසක් එක් කර ගනිමිනි.

ඊට පෞද්ගලික ආයතනයක් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබු අතර

මියගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka