gossip lanka

විජයකලාගේ පරීක්ෂණ අවසන්

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

විමර්ශන සිදුකරන පොලිස් සංවිධානාත්මක අපරාධ
නිවාරණ කොට්ඨාශය එහිදී වැඩිදුරටත් සදහන් කළේ ප්‍රකාශ 59 ක් ඊට අදාළව සටහන් කරගෙන ඇති බවයි.

මැති ඇමතිවරුන් හය දෙනෙකු, රාජ්‍ය නිලධාරින් 14 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 30 දෙනෙකු එම ප්‍රකාශ ලබාදී තිබේ.

ඒ අනුව, කරුණු සලකා බැලූ අධිකරණය නඩුව ඔක්තෝම්බර් 19 වනදා යළි කැදවීමට නියෝග කළේය.





gossip lanka