gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

STF එක බන්ධනාගාරයට බහී !

බන්ධනාගාර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යෙදවීමට බන්ධනාගාර අමාත්‍යාංශය පියවර ගෙන ඇතයි වාර්තාවේ.

බන්ධනාගාර තුළට රහසිගතව රැගෙන යන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් එසේ යෙදවීමට පියවර ගෙන ඇති බවද දැන ගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පොලිස්
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (01දා) පෙරවරුවේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාර වෙත පැමිණ ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගැනීමට තිබේ.

බන්ධනාගාරයට ඇතුළු වන සියලුම දෙනා දැඩි පරීක්‍ෂාවට ලක් කිරීම මෙම නිලධාරීන් වෙත පැවැරී ඇති රාජකාරිය බවද ඔවුන් බන්ධනාගාර ප්‍රධාන ‍ෙදාරටුවල ආරක්ෂාව සඳහා පළමුව යොදවා අවශ්‍යතා මත බන්ධනාගාරයේ වෙනත් ආරක්ෂාවන් ඔවුන්ට භාරදීමට තීරණය වී ඇති බවද එකී ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka