යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (2) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු
කර ඇති අතරම අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කර තිබේ.
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාළ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබිණි.
යාපනය පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
2018-08-02T14:23:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



