gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරුණානිධිට අන්තිමයි… සුව පතා ජනපති ලිපියක් යවයි…

අසාධ්‍ය ත්තත්වයෙන් පසුවන ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත හිටපු මහඇමැති මුතුවෙල් කරුණානිධිට කඩිනම් සුව ප‍්‍රාර්ථනා කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු වෙත ලිපියක් යවා තිබේ.

කරුණානිධිගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට පත්වීම වෙනුවෙන් මෙරට රජයේ හා ජනතාවගේ ප‍්‍රාර්ථනා එක්කරන බවත් එහි සඳහන්ය.

එමෙන්ම මේ අවස්ථාවේදී ලාංකිකයන් හා මෙරට
රජය ඔහු සමඟ සිටින බවට ද ලිපිය මගින් පවසා තිබේ.

94 හැවිරිදි මුතුවෙල් කරුණානිධි පසුගිය සෙනසුරාදා රෝහල්ගත කොට දැඩිසත්කාර එ්කකයට ඇතුළත් කෙරුණේ අධිරුධිර පීඩන ත්තත්වයක් හේතුවෙනි.

චෙන්නායිහි ඔහු ප‍්‍රතිකාර ගන්නා රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනතාව ඔහුට සුවපතා රැස්ව සිටින බව එරට වාර්තා පැවැසීය.

වසර 50ක් පමණ වන කරුණානිධිගේ දේශපාලන දිවිය තුළ ඔහු කටයුතු කළ ආකාරය හේතුවෙන් තමිල්නාඩු දේශපාලනයෙන් බිහිවූ ප‍්‍රබල චරිතයක් ලෙස සැළකෙන අතර මධ්‍යම රජයට වඩාත් බලපෑම්සහගත පුද්ගලයකු ලෙස ද සැළකේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka