gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැවතත් අගවිනිසුරුවරියක් !

වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විශ්‍රාමයාමට නියමිත බව වාර්තා වේ.

එම තත්ත්වයත් සමඟ මීළඟ අගවිනිසුරුවරයා කවුද යන්න පිළිබඳව නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

කෙසේවුවද, ඩෙප් මහතා පසුගිය කාලයේ විදේශගතවූ හැම
අවස්ථාවකදීම අගවිනිසුරු ලෙස රාජකාරි පවරා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන ඊවා වනසුන්දර මහත්මියටය.

ඊවා මහත්මියට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් වන්නේ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා සිසිරද ආබෲ යව විනිසුරුවන් වෙති.

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා පසුගියදා පවසා තිබුණේ මිළඟ අඟවිනිසුරුවරයා වන්නේ ජයන්ත ංයසූරිය මහතා බවයි.

පළමු අගවිනිසුරුවරිය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙරට පළමු අගවිනිසුරුවරියවූවාය.

ඇය එම අගවිනිසුරු ධූරයට පත්වූයේ 43 වැනියා වෙමිනි.

වසර 1958 අප්‍රියෙල් මස කුරුණෑගල දී උපත ලද ඒ මහත්මිය ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය, කෑගල්ල බාලිකා විදුහල, තෝලංගමුව ප්‍රාථමික හා මධ්‍ය මහා විද්‍යාල, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල්වල ආදිශිෂ්‍යාවක් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් 1980 වසරේ දී නීතිවේදී ගෞරව උපාධිය ලැබූ බණ්ඩාරනායක මහත්මිය 1983 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය.

නීතිය පිළිබඳ දර්ශනපති උපාධිය හා නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති ඒ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහකාර කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීති පීඨ අංශාධිපති, වැඩබලන උපකුලපති, නීතිය පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබිණි.

ඇය එම ධූරයට පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක ලෙස 1996 දී පත්වූ ඇය එකළොස් වතාවක් අගවිනිසුරු ධුරයේ වැඩ බලා තිබිණි.

තලතාත් කතක්

මේවන විට අධිකරණ අමාත්‍ය ධූරයද හොබවන්නේ (තලතා අතුකෝරාල) කාන්තාවක් විසිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka