gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොබවක නාහිමි යළිත් රෝහල් ගතකෙරේ

වෙඩි ප්‍රහාරයකට ලක් වූ කතරගම කිරිවෙහෙර නාහිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් යළිත් රෝහල් ගත කළ බව වාර්තාවේ.

ඒ අනුව ඉකුත් ජුනි 12 වනදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබු කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදර ප්‍රදේශය, උකුල් ඇටය හා කලවා ප්‍රදේශයන්හි යළි වේදනා තත්වයක් ඇති විම හේතුවෙන් නැවතත් ඊයේ (15) කොළඹ පෞද්ගලික
රෝහලකට උන්වහන්සේ ඇතුලත් කළ බව එම විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඥාණින්ද හිමියෝ පැවසූහ.

නාහිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ දී ශරීර ගතවී තිබූ උණ්ඩ ඉවත් කිරිම සඳහා අවස්ථා කිහිපයකදී සිදුකළ සැත්කම්වල තුවාල සහ දකුණු පස උකුල් ඇටයේ අස්ථි බිදීම් හේතුවෙන් ඒවාට තවදුරටත් ප්‍රතිකාර කිරිම සඳහා උන්වහන්සේට නැවත මෙසේ නේවාසික ප්‍රතිකාර ලබා දීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka