gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිව් වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණූ ජයක්

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරඟයෙන් ලකුණු 03ක තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ  දකුණු අප්‍රිකාණු කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාදුන්නේය.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රී
ලංකා ඉනිම පන්දුවාර 39කට සීමා වුණි.

ඒ අනුව නියමිත පන්දු වාර 39 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 306ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් චානක ලකුණු 65ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 51ක් ද තිසර පෙරේරා නොදැවී ලකුණූ 51ක් ද ලබාගැනීමට සමත් වුණි.

යළිත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාණු කණ්ඩායමට පන්දු වාර 21කදී ලකුණු 191ක ඉලක්කයක් හිමි වුණි.

එහෙත් ඔවුන්ට නියමිත පන්දු වාර 21 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03ක් සහ තිසර පෙරේරා කඩුලු 02ක් බිඳ හෙළුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka