gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුරවැසිභාවය අහිමිවූවන්ට සුවිශේෂ වීසා බලපත්‍රයක් !

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිකරගෙන ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුවිශේෂ වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලන ප්‍රධානී චන්දන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉන්දියාව, ජපානය යනාදී රටවල ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන අතර එවැනි රටවල පුරවැසිභාවය ලබාගෙන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය
අහිමිකරගන්නා ලද සුවිශේෂී දක්ෂතා ඇති සහ ආයෝජන හැකියා ඇති ශ්‍රී ලාංකිකයන් මවුබිමේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණින් මෙම නව වීසා බලපත්‍රය නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය.

එය දිගු කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ අවසරය ලැබෙන සුවිශේෂ වීසා බලපත්‍රයක් බවත් හෙට්ටිආරච්චි මහතා අනාවරණය කළේය.

මේ පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා දැනට ආරම්භ වී ඇති නව වීසා බලපත්‍රය හඳුන්වා දීම තව මාස තුනකින් පමණ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කළේය.

තම මව් බිමට පැමිණ තම දැනුමින් රටට සේවයක් කිරීමට අවශ්‍ය බව පවසමින් ඒ සඳහා වූ පහසුකම් ඇති කරන ලෙසට තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඉල්ලීම් සලකා බැලීමේදී මෙවැනි වීසා බලපත්‍රයක අවශ්‍යතාව පැන නැගුණු බව වැඩිදුරටත් සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා, මෙම වීසා බලපත්‍රය ලබාගන්නා පිරිස දහස් ගණනක් විය හැකි බවද ප්‍රකාශ කළේය.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka