gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේවා නැතිව ත්‍රීවීල් පදවන්න බෑ- නියෝග කිහිපයක් ගැසට් කෙරේ

පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර,
එකී නියෝග අදාළ වන්නා වූ කිසිඳු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් (ත්‍රීවිල්) පැදවීම කළ නොහැකි වනවා.

මෙම නියෝග යටතේ පිටසනක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන සෑම තැනැත්තෙක්ම අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු අතර, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවයි රජයේ නිල පුවත් පෙන්වා දෙන්නේ.

පිටසනයක් ලබාගැනීම සඳහා වෛද්‍ය සහතිකයක්, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් සැලසුම් කළ හෝ අනුමත කළ සහ මෙහෙයවන පුහුණු කිරීමේ පාඨමාලාවක් හෝ කොමසාරිස්වරයා විසින් බලය දෙන ලද ආයතනයක් විසින් මෙහෙයවන පුහුණු කිරීමේ පාඨමාලා සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්යය කර තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යවරයාගේ  විමසීමකදී සඳහන් කෙරුණේ අදාළ නියෝග මෙම මස සිට ක්‍රියාත්මක වෙනු ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka