gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර නිලධාරීන්ට මාධ්‍ය තහනමක්

බන්ධනාගාරය ඇතුළත සිදුවන මොනයම් හෝ කාරණයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත තොරතුරක් හෝ ප්‍රකාශයක් නිකුත් නොකරන ලෙස තමන් බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකාරිවරයාට සහ මාධ්‍ය ප්‍රකාශකවරයාට නියෝග කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (13දා)
නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සඳහා මුල්ගල තැබිමේ උත්සවයට සහභාගි වෙමින් අනතුරුව එහි සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඉකුත් දින කිහිපය තුළ බන්ධනාගාරය තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නිරන්තරයෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර අධිකාරිවරයාගෙන් කරුණු විමසීම් කළද ඒ කිසිවක් බන්ධනාගාර අභ්‍යන්තරයේ තොරතුරු ලබාදීම දිගින් දිගටම ප්‍රතිකේෂ්ප කර තිබිණි.

මෙම කාරණය මුල් කරගෙන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සහ කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත තොරතුරු නොදෙන්නේ මන්ද යන්න මාධ්‍යවේදීන් ඇමැතිවරියගෙන් ප්‍රශ්න කරනු ලැබිණි.

ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරිය කියා සිටියේ මාධ්‍යට කරුණු දක්වන්නේ නම් ඇයගෙන් හෝ අමාත්‍යාංශ ‍ලේකම්වරයාගෙන් ලිඛිත අවසර ලබාගත යුතු බවයි.

බන්ධනාගාරය යනු මාධ්‍යට කතාකරමින් හදන්න පුළුවන් තැනක් නොවෙයි. බන්ධනාගාරය තුළ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන නිසා මේ වන විට මරණීය දණ්ඩනයද ක්‍රියාත්මක කිරීමටද යෝජනා වී තිබෙනවා. පසුගිය කාලයේ සිදුවූ ක්‍රියාවන් ඇති නොවන්නත් වගබලා ගත යුතුව තිබෙනවා යැයිද අමාත්‍යවරිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka