gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරු ගිවිසුම ගැන ජනපතිගේ තීරණය ළඟදීම !

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂඥ කමිටුවක්‌ පත්කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

එම කමිටු වාර්තාව ළඟදීම ජනාධිපතිවරයා වෙත ලැබෙනු ඇති බවත් ඒ
අනුව දැනට අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කරනවාද, එය වෙනස්‌ කර නව සංශෝධනයක්‌ කරනවාද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරන බවත් පෙරේදා (8 දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැළ තවාන්කරුවන්ගේ අර්ධ වාර්ෂික මහා සභා රැස්‌වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා සඳහන් කළේය.

රටට අහිතකර ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිසේත් අනුමැතිය නොදෙන බව පැවසූ ඇමැතිවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳවද මේ වන තෙක්‌ කොන්දේසි විරහිතව අනුමැතිය ලබාදී නැතැයිද කීවේය.

ජාත්‍යන්තරය සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුතු වුවත් එම ගිවිසුම් රටට අහිතකර නැද්ද යන්න සොයා බැලිය යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka