ටියුෂන් සර්ගෙන් පහර කෑ සිසුන් දෙදෙනා රෝහලේ

බලංගොඩ නගරයේ පෞද්ගලික උපකාරක පංති හිමිකාර ගුරුවරයෙක් විසින් 16 හැවිරි පාසල් සිසුවන් දෙදෙනෙකුට කළ පහර දීමක් හේතුවෙන් එම ගුරුවරයා බලංගොඩ පොලිසිය විසින් ඊයේ(09) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 07 වැනි දා මෙම ගුරුවරයා විසින් වෙනත් ගුරුවරයෙකුගේ පංතියක් සඳහා සහභාගී වු සිසුන් දෙදෙනෙකුට මෙලෙස පහර දී ඇත.

පංති පැවැත්වෙන භූමිය තුළ බුලත් කෙළ ගැසුවා යැයි
පවසමින් මෙම පහර දීම සිදු කර තිබේ.

මෙලෙස පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අදාළ ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදඅ කරයි.




gossip lanka