gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතින් වැටලීම පොලීසියට බාරදෙයි

මෙරටතුළ භාවිතය තහනම් කළ පොලිතීන්  තවදුරටත් භාවිත වන බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් තහනම් පොලිතින් වැටලීමේ කාර්යය ශ්‍රී ලංකා පොලීසියට බාරදීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය එක්ව මෙම වැටලීම් සිදුකළ අතර, ඉදිරියේදී මේ සඳහා පරිසර පොලිස් ඒකකය සම්බන්ධ කරගැනීමටද මූලික සාකච්ඡා
සිදුකර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

මහජනතාවගෙන් ලද තොරතුරු පදනම් කරගනිමින්  පසුගිය කාලය තුළදී දිවා රාත්‍රී වශයෙන් වැටලීම් සිදුකරමින් තහනම් පොලිතින් නිෂ්පාදකයන් මෙන්ම අලෙවිකරන්නන් ගණනාවක් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

එසේ වුවද තවදුරටත් තහනම් පොලිතින් නිපදවීම හා අලෙවිකිරීම පිළිබඳ තොරතුරු වැඩිවශයෙන් වාර්තා වන බැවින් වැටලීම් දීප ව්‍යාපත්ව සිදු කිරීම සඳහා පොලීසියේ සහාය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka