gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"පුංචි කාර් සිහිනය සැබවින්ම සිහිනයක්" - ශෙහාන් සේමසිංහ

වත්මන් රජයට මැතිවරණයත් යනු නයාට අඳුකොළ හා සමාන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව මැතිවරණයකට මුහුණදීම සඳහා කිසිඳු සූදානමක් නොමැති බවත් ආණ්ඩුව දැඩි ඒකාධිපති ස්වරූපයෙන් රට පාලනය කිරීමට උත්සහ
දරමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අද වන විට පුංචි කාර් සිහිනය සැබවින්ම සිහිනයක් බවට පත්ව ඇති බවත් වත්මන් රජය තරුණයන්ට ලබාදුන් සියලු පොරොන්දු කඩ කර ඇති බවද ඒ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවට ණය කලමණාකරණය සම්බන්ධයෙන්  අවබෝධයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේක විශේෂයෙන්ම මතක් කළේ අද රජයට මේ පොරොන්දුව අමතක වෙලා තියෙනවා. ඒවගේම දායකයන්ටත් විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කරපු අයටත් සමහර විට මේ පොරොන්දුව අමතක වෙලා තියෙනවා. මේ පුංචි කාර් සිහිනය අද සැබැවින්ම සිහිනයකට පමණක් සීමා කරන්න රජය කටයුතු කරලා තියෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka