gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මොන වර්ජන කළත් දඩය අඩු කරන්නෑ” – ප්‍රවාහන ඇමති

රථවාහන සඳහා වැඩි කළ දඩ ගාස්තු ඉවත් කිරීමට හෝ අඩු කිරීමට කිසිසේත්ම නොහැකි බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ ඊයේ 16 දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ සහ පාර්ලිමේන්තු
අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට රටේ නීතියක්‌ බවට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

රථවාහන වැරදි සඳහා දඩ ගාස්‌තු වැඩි කළේ 2005 වසරින් පසුව බවත් විවිධ අවශ්‍යතා හා නව ප්‍රවණතා සලකා මෙලෙස දඩ ගාස්‌තු ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඇමැතිවරයා කීය. එබැවින් වසර 13 කට පසුව සිදු කළ දඩ ගාස්‌තු සංශෝධනය හකුළා ගන්නා ලෙස බල කරමින් විරෝධතා දැක්‌වීමෙන් කිසිම ප්‍රයෝජනයක්‌ නොලැබෙන බවද ඊයේ පෞද්ගලික බස්‌ සේවක සංගම් සිදු කළ වැඩ වර්ජනය අසාර්ථක බවද හෙතෙම සඳහන් කළේය.

වර්ජකයන්ගේ මෙම ඉල්ලීම වංචා, දූෂණ සිදු කොට ඒවාට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටීම වැනි දෙයක්‌ බවත් රටේ නීතියක්‌ බවට පත්ව ඇති නව දඩ ගාස්‌තු වර්ජනයකින් ඉවත් කර ගැනීම දැන් කළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

එබැවින් මෙම බස්‌ වර්ජනයට ආණ්‌ඩුව නොබියව මුහුණ දෙන බවත් ලංගම බස්‌ රථ වැඩිපුර යොදවා මගී අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් බස්‌ රථ යොදවා ප්‍රවාහන පහසුකම් අඛණ්‌ඩව සපයන බවත් කීය.

වර්ජකයන් ලංගම බස්‌ රථවලට හෝ වෙනත් ප්‍රවාහන සේවාවන්ට අලාභ හානි සිදු කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණහොත් ඊට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පති දැනුවත් කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka