gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට පුරවැසිභාවය ඉල්ලා අයදුම්පත් 443ක්

යුධ ගැටුම් පැවති සමයේ සරණාගතව විදෙස්ගතවූ උතුරේ වැසියන් 443 දෙනෙකු නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉල්ලා අයදුම්පත් බාර දී ඇතැයි විදෙස් කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා මෙම අයදුම්පත් ප්‍රමාණය අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා යොමුකර ඇත. ඒ අනුව කිළිනොච්චි ප‍්‍රදේශයේ පුද්ගලයින් 201 සහ මන්නාරම ප‍්‍රදේශයේ පුද්ගලයින් 242 දෙනෙකු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වූ
අයදුම්පත් බාර දී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කළ ජංගම කොන්සියුලර් සේවාවාවන් දෙකක් මාස එකහමාරක කාලය තුළ පැවැත්වූ අතර එහි පළමු ජංගම කොන්සියුලර් සේවාව ඉකුත් ජූලි 01සහ 02 දක්වා කිලිනොච්චි නගරයේදී පැවත්විණි. දෙවැනි ජංගම සේවාව විදේශ කටයුතු අමාත්යන තිලක් මාරපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 12 සහ 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විය.

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැත්වූ ජංගම කොන්සියුලර් සේවාවේදී පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත්වලට අමතරව උප්පැන්න සහතික 61ක් නිකුත් කර ඇති බවත් මන්නාරම ප්‍රදේශයේ පැවති කොන්සියුලර් සේවාවේදී උප්පැන්න සහතික 59ක් ද නිකුත් කර ඇතැයි විදේස් කටයුතු අමාත්‍යාංශය පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka