gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් වීඩියෝව ගැන දැරණියගල සභාපති කතා කරයි

දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා විසින් ව්‍යාපාරික මුස්ලිම් ජාතිකයෙකුට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුට පහරදීමට තැත් කරන ආකාරය දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජජාල ඔස්සේ සංසරණය වෙමින් පවති.

එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයෙකු ලෙසත්, සභාපතිවරයෙක් ලෙසත් ඔහුගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මේ වන විට පිළිකුලෙන් යුතුව අදහස් දක්වා ඇති අතර මෙම
විඩියෝවේ සටහන්ව ඇති පරිදි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාට බැණ වදින්නේ සිංහල මිනිස්සුන් කඩ කරන ස්ථානයක ව්‍යපාරයක් දැම්මට ඔහු කටයුතු කරන බව පවසමිනි.

කෙසේ වෙතත් මෙම විඩියෝව සම්බන්ධයෙන් අප දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසිමක් කළ අතර එහිදි ඔහු සඳහන් කළේ, "මේ සිද්ධිය වුණේ 03 වැනිදා. දැරණියගල ටවුන් එකේදි. මම දැරණියගල ටවුන් එකේ ප්‍රාදේශිය සභාවට අයිති කඩ කාමර දෙකක මුස්ලිම් ව්‍යාපාරික මහත්වරුන් දෙදෙනෙක් අතර ප්‍රශ්නයක් විසදන්න ගිහින් තමයි මේ ගැටලුව මතු වුණේ. මේක කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ වෙළෙදා පිටින් ආපු කෙනෙක්." යනුවෙනි.


මහජන නියෝජිතයෙක් ලෙස මේ ආකාරයට පරුෂ වචන භාවිතා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අප ඔහුගෙන් ප්‍රශ්න කල විට ඔහු මෙසේ පැවසිය.

"ඒ වේලාවේ ආපු ආවේගයට තමයි එහෙම වුණේ. ඒ දේ හොඳ නැහැ කියලා මම පිළිගන්නවා. ඒ අවස්ථාවේ ඒ අයත් මාත් එක්ක එකට එක කියා ගත්ත නිසා තමයි මේ විදිහ වුණේ." යැයි ඔහු එහිදී පවසා සිටියේය.

(නෙත් නිව්ස්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka