gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපොස උසස් පෙළ අද ඇරඹෙයි !

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනී සිටින බව විභාග කොමසරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා කීය.

විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත,
වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බල පත්‍රය ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙවර විභාගයේදී සිදුවිය හැකි විභාග වංචාවන් මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

විද්‍යුත් උපකරණ මගින් සිදුකරන විභාග වංචාවන් වැළැක්වීමේ අරමුණින් ඇතැම් විභාග මධ්‍යස්ථානවල එම විද්‍යුත් උපකරණ අක්‍රිය කිරීමේ උපකරණ සවි කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙවර උසස් පෙළ විභාගයේදී පැය තුනක ප්‍රශ්න පත්‍ර සඳහා විනාඩි 10ක අතිරේක කියවිම් කාලයක් ලබා දීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

එසේම විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඉදිකිරිම් කටයුතු පන්ති පැවැත්වීම,ක්‍රීඩා උත්සව පැවැත්වීම ආදිය තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාගයට සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් හො වංචාවක් සිදුවන්නේ නම් ඒ, පිළිබඳව 19 11 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විභාගයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1029 දෙනෙකු අනුයුක්ත කර ඇති බවයි.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් සඳහා පොලිස් නිලධාරීන් ති දෙනා බැගින් යෙදවීමට නියමිතයි.

රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් ජංගම මුර සංචාරක රථ යොදවන බවයි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka