gossip lanka

පශ්චාත් මරණ පරීක්ෂණයටත් මුදල් අය කරයි… ජපුරෙන් අරඹයි

යම් රෝගියෙකු රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝගියාගේ භාරකරුවන්ගේ මුදල් අය කර ගැනීම ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර තිබේ.

රෝහල් කළමණාකරණ කමිටුව මගින් 2018.06.28 දින මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විසින් රෝහලේ සියළුම අංශ වෙත නිවේදනයක්ද යොමු කර ඇත.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රුපියල් 2500ක් අය කිරීමට තීරණය කර ඇති අතර එම මුදල ගෙවනතෙක් අදාළ සිරුර රෝහලෙන් නිදහස් නොකිරීමටද එහිදී තීරණය කර තිබේ.

ඊට අදාළ නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.



gossip lanka