gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටුව දුම්රිය ස්ථානය ඉබි යතුරු දමා වසා දමලා

දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. මේ හේතුවෙන් අද (11) දිනයේ මේ දක්වා කාලය තුළ කිසිඳු මගී ප‍්‍රවාහන දුම්රියක් ධාවනය වී නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ අද පෙරවරු 10 ට පමණ ගුවන් යානා ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් කටුනායක දක්වා ධාවනය කෙරුණු බවයි.

අද පස්වරුවේ දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට උත්සහ දරමින් සිටින බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

අද දිනයේ දුම්රිය ධාවනය නොවුනත් සැලකිය යුතු මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ දුම්රිය සේවා කි‍්‍රයාත්මක දැයි නිරික්ෂණය කරන අයුරු දැකගත හැකි වුණා. විදේශිය සංචාරකයන්ද කොටුව දුම්රිය ස්ථානය අසල රැඳී සිටි බවයි  වාර්තා වන්නේ. කෙසේවෙතත් මගීන්ට ඇතුලූ විය නොහැකි පරිදි කොටුව දුම්රිය ස්ථානයට ප‍්‍රවේශ වන ගේට්ටු වසා දමා තිබෙනවා.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ බලධාරීන්ගෙන් සිය ඉල්ලීම් වලට නිසි ප‍්‍රතිචාරයක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka