gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය කල් යයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්දන වේගය වැඩිවීම හේතුවෙන් උන්වහන්සේට කිරීමට තිබූ ශල්‍යකර්මය කල්දැමීමට එම රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (13දා) තීරණය කර තිබේ.

උන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති ගල් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය
ඊයේ දිනයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.

පැය 48ක කාලයක් ඥානසාර හිමියන්ගේ හෘද ස්පන්ධනය  පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ හෘද ස්පන්ධන වේගය යථා තත්ත්වයට පත්වනතුරු ශල්‍යකර්මයට අවශ්‍ය නිර්වින්දන කටයුතු සිදුකළ නොහැකි බවයි.

යළිත් වරක් අද දිනයේ සිට පැය 48ක කාලයක් උන්වහන්සේගේ හෘද ස්පන්ධනය  පරීක්ෂාකර බලා ශල්‍යකර්මය සිදුකිරීමට කටයුතු යොදන බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

අධිකරණය මඟින් වසර හයක සිර දඬුවමකට ලක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩසිටින රෝහල් වාට්ටුවට නිලධාරින් හතරදෙනෙකු විසින් ආරක්ෂාව සපයන බව වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka