gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධයේ අය ස්වාධීන වුවහොත් වෙන දේ කිරිඇල්ල කියයි

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රි ධුර නීතිය අනුව අහෝසි වන බව පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ස්වාධීන වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක
ධුරය ලබා දෙනවාද කියා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රථමයෙන් ස්වාධීන විය යුතු බවයි.

මේ කාරණය ගැන 'ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ඒ ගැන තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා බවයි.

නමුත් තමන් දන්නා නීතිය අනුව දේශපාලන පක්‍ෂයකින් තරග කරන ලද මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් එම මන්ත්‍රි ධුරය අහෝසි කිරීමේ හැකියාව එම පක්‍ෂයේ මහ ලේකම්වරයා සතු බවත් ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රි ධුර අනිවාර්යයෙන්ම අහෝසි වන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 ඒකාබද්ධයේ තීරණය අද

 පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී අද රැස්‌වන ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමේදී සාකච්ඡාකර මෙම තීරණය ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පක්‍ෂ නායක රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තම කණ්‌ඩායම පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඉන්පසු විපක්‍ෂ නායක ධූරය පිළිබඳව තීරණය ගත යුත්තේ කථානායකවරයා බවත් හෙතෙම පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka