උසස් පෙළ සිසුවියන් දෙදෙනෙකු සහ තවත් තරුණියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් නාවෙල සහ ගලේවෙල පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය 5 වනදා සිට තරුණියන් අතුරුදන්ව ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිලක් මතයි මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ පල්‍ලේපොල
මහාබෝධි විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලැබූ සංජීවනී කුමාරි එදිරිසිංහ, ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ දිල්මි මධුවන්ති පෙරේරා සහ ගලේවෙල නගරයේ විසිතුරු භාණ්ඩ අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කළ ජී. එම්. නිසංසලා නමැති 22 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
අතුරුදන් වූ ගලේවෙල පාසල් සිසුවියක් විසින් කොළඹ යන බවට ලියූ ලිපියක්ද සොයා ගෙන ඇති බව සඳහන් වන අතර ගලේවෙල නගරයේ විසිතුරු භාණ්ඩ අලෙවි සැළක සේවය කළ සේවිකාව පාසල් දැරියන් දෙදෙනා මුලා කොට රැගෙන යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
එසේම මෙම තරුණියන් සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතන අතර මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේනම් ළඟම ඇති පොලීසියට දන්වන ලෙස ඉල්ලීමක් කරනවා.
උසස් පෙළ සිසුවියන් දෙදෙනෙකු සහ තවත් තරුණියක් අතුරුදහන් - සිසුවියන් මුලාකර රැගෙන ගිහින්ද ? පොලිස් පරීක්ෂණ ඇරඹේ
2018-08-08T13:17:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



