gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආවා කල්ලියේ මෙහෙයවන්නෙක් අල්ලයි - (photos)

යාපනයේදී පුද්ගලයින්ව කඩුවලින් කපා කොටා තුවාල සිදුකරමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලි දෙකකට අයත් සාමාජිකයින් දස දෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය ළග තිබී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක්, කඩු, පිහි, යකඩ පොලු ආදිය සහ විවිධ මොට ආයුධ තිබී සොයා ගෙන තිබෙනවා.

මෙම සාමාජිකයින් දස දෙනාගෙන් හය දෙනෙකු ''ආවා'' කල්ලියේ සාමාජිකයින් බවටත් අනෙක් හතර දෙනා ''ධනු රොක්'' කල්ලියේ සාමාජිකයින් බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පිරිස අතර ''ආවා'' කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ.

''ආවා'' කල්ලිය මෙහෙයවන ලද බව කියන තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුව පොලිස් වාහනයක් කරා රැගෙන යන අවස්ථාවේදී යාපනයේ වැසියන් පිරිසක් ඔහුට පහරදීමට සූදානම් වී ඇති අතර පොලීසිය ඔහුව ආරක්ෂා කරගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දරමින්.

අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 19 හා 23 අතර වයස් කාණඩවල පසුවන්නන් බවත් සඳහන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka