gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මාන් කෝවිලේ ඊළම පත්තුවෙයි

යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ නම් කළ පස් දෙනකුට වහාම කොළඹ පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස යාපනය පොලිසිය විසින් පෙරේදා (12දා) දැනුම් දී තිබේ.

පසුගිය ජූනි මාසයේදී එම කෝවිලේ වාර්ෂික පෙරහර පැවැත්වූ අතර එහිදී ඊළාම් සිතියමක් විදුලි බුබුළුවලින් අලංකාර කොට පෙරහරේ රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා
මෙම කැඳවීම කර ඇත.

ඔවුන්ට මේ මස 16ත් 22ත් අතර දිනයකදී පැමිණ කටඋත්තර ලබා දෙන ලෙස නියෝග කොට තිබේ.

කෝවිලේ පෙරහර පැවැති අවස්ථාවේ සිදු වූ මේ සිදුවීම සම්බන්ධයෙන් යාපනයේ කන්කසන්තුරේ හා මනිපායි යන පොලිසි විසින් පරීක්ෂණයක් පවත්වන ලදී.

එම අවස්ථාව ඡායාරූප ගත කළ යාපනයේ මාධ්‍යවේදීන් කීප දෙනකුගෙන්ද, කෝවිලේ භාරකාර මණ්ඩලයේ වගකිව යුත්තන්ගෙන්ද පොලිසිය කටඋත්තර ලබාගෙන විමර්ශනයක් සිදුකොට එම වාර්තාව පොලිස් මූලස්ථානය වෙත යැවීමෙන් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මෙම දැනුම් දීම සිදු කොට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka