gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙලේ සුදාගේ මව පොලිස් කොමිසමට

ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාර නමැත්තාගේ මව ඊයේ (26දා) පොලිස්‌ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයට නීතිඥවරයකු ද සමග පැමිණ ඇති ආර්. ජී. මාලනී නමැති ඇය සිය පුත්‍රයා
විසින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලක්‌ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය විමසා ඇති බවට ද වාර්තා වේ.

මේ වනවිට මරණීය දණ්‌ඩනය නියම වී සිටින වෙලේ සුදා නමැත්තා විසින් කරන ලද එම පැමිණිල්ල සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම සඳහා විමර්ශනයක්‌ සිදු කරන ලෙසට දන්වා පොලිස්‌පතිවරයා වෙත එම පැමිණිල්ල යොමු කර ඇති බව කොමිෂන් සභා නිලධාරීන් ඇයට දන්වා ඇති බවද වාර්තා වෙයි.

රටේ කුමන ප්‍රදේශයකින් හෝ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක්‌ සිදුකළ විට එකී මත්ද්‍රව්‍ය ජාවාරම සිය මෙහෙයවීමෙන් සිදුකරන බවට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා චෝදනා නඟන බවත් එම චෝදනා අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක්‌ කරන ලෙසත් ඉල්ලා වෙලේ සුදා නමැත්තා පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පසුගිය ජුනි මස පැමිණිල්ලක්‌ කොට තිබිණි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka