වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා මහතාට වසර 12 සිරදඬුවමක් හා ලක්ෂ 105 ක දඩයක් ගෙවීමට නුවරඑළිය මහාධිකරණය අද (23දා) නියම කළේය.
2004 අපේ‍්‍රල් 24 වැනි දා ඊට ආසන්න දිනයකදී උඩපුස්සල්ලාව ප්‍රදේශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අයත් ලක්ෂ 35 ක් වටිනා ජීප් රථය සාවද්‍ය පරිහරණය කිරීම හා එකී වෙලාවන් තුළදී
නීත්‍යනුකූල බලයක් නොමැතිව රිවෝල්වරයක් තම සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ජගත් සමරහේවා සහ බද්දේගම ජටිල ලාල් ප්‍රනාන්දු යන සැකකරුවන්ට විරුද්ධව 172/2010 යටතේ නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් පවරා තිබිණි.
නඩුව කැඳවු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු එස්.යු.බී. කරල්ලියද්ද මහතා විසින් සැකකරුවන් හට පළමු චෝදනාවට දස අවුරුදු සිරදඬුවමක් හා ලක්ෂ 105 ක දඩයක්ද, දෙවැනි චෝදනාවට අවුරුදු දෙකක සිරදඬුවමක්ද නියම කළේය.
නීතිඥ නිලන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත ජගත් සමරහේවා හා ජටිල ලාල් ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ ටි්රනි ගෝර්ඩන් රායන් මහතා පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සවිනි ඉද්දමල්ගොඩ මහත්මිය පෙනී සිටින ලදි.
වලපනේ ශ්‍රීලනිප ආසන සංවිධායකට වසර 12 ක සිරදඬුවම්
2018-07-23T17:17:00+05:30
Gossip Lanka Hot News
slide|