gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්නාරමේ සමූහ මිනිස් වලෙන් සිරුරු 44 ක කොටස් හමුවෙයි - (photos)

මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 44 කට අයත් අස්ථි කොටස් විශාල ප‍්‍රමාණයක් සොයාගත් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මන්නාරම මහෙස්ත‍්‍රාත් එම්.ප‍්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේදී  මෙලෙස කැණීම් සිදුකරනු ලැබීය.

පරික්ෂණ කටයුතු සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් කැනීම් සිදු කරන ලද ස්ථානයට එපිටින් වූ අනෙකුත් ස්ථාන වල කැනීම් කටයුතුද දෙවන අදියර යටතේ ආරම්භ කල බවටයි.


පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවීමත් සමග මෙම කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචි වැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.

ඒ අනුව හමුවූ අස්ථි සම්බන්ධයෙන් පසුගිය මැයි 28 දා සිට හිටපු මන්නාරම මහෙස්ත‍්‍රාත් ඒ.ඩී ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන් , පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එක්ව කැණීම් සිදුකරනු ලැබීය.

හමුවූ අස්ථි කොටස් අධිකරණ නියෝග මත මන්නාරම රෝහලේ විශේෂ ඒකකයක තැන්පත් කර ඇති අතර මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ ආරක්ෂාව ද මේ වන විට තරකර ඇති අතරම තවත් මිනිස් අස්ථි කොටස් ඇත්දැයි යන්න කැනීම් කටුයුත ඉදිරියටත් සිදු කරන බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.


(වන්නි රොමේෂ් මධුෂංඛ)





 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka