gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරසවි සිසුන් ඉවත් කරන්න ආරක්‌ෂක අංශ පොලු අරන් ඇවිත්

අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති.

ඊයේ  (16) දහවල් ශිෂ්‍ය නේවාසිකාගාර වෙන පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පිරිසක් සිසුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කරමින් විනය ක්‍රියාමාර්ග ගත්
සිසුන් ඉවත් කිරීම මෙම සෝදිසි කිරීම කළ බව එහි ආරංචි මාර්ග කියයි.

එලෙස පැමිණි ඇතැම් නිලධාරීන් අත පොලු සහ වෙනත් උපකරණ තිබුණු බව සිසුහු පවසති.

අම්පාර - ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පන්ති තහනමට ලක්වූ සිසුන් බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින බැවින් ඔවුන් ඉවත් කරන ලෙසට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය, පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට අදාළ පැමිණිල්ල ඊයේ දිනයේදී පාලන අධිකාරිය විසින් අක්කරෙයිපත්තු පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සිසුන් චෝදනා කරන්නේ නවක වද සිද්ධියක් පදනම් කර ගනිමින් අසාධාරණය ලෙස තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 22 කුගේ පන්ති තහනම් කිරීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka