gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායකට අධික වැසි, සුළං… ගුවන් යානා දෙකක් මත්තලට හරවයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ, කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඩුබායි සහ මුම්බායි සිට පැමිණි යානා දෙකක් අද අලුයම එලෙස හරවා යැවූ බවයි.

මේ වන විට එම යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි
පැමිණ ඇතැයි ද කාර්යභාර කළමනාකාරවරයා පැවසී ය.

මේ අතර දිවයින හරහා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද තවදුරටත් ඉහළ යා හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka