gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිතුමතේ මිලවැඩිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම

ඉන්ධන මිල සංශෝධනය පාදක කොට හිතුමතේට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කිරීමට කටයුතු කරන කූඨ වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.

ඒ අනුව පාරිභෝගික අයිතීන් රැකදීම සඳහා දැනට පවතින පාරිභෝගික සේවා අධිකාරි පනතේ අඩුලුහුඬුකම් මඟහැර ශක්තිමත් ‍නව පනතක් හඳුන්වාදීමට ද රජය කටයුතු කරන බව මුදල් හා
ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රජය ඉකුත් මැයිමස 11 වැනිදා හඳුන්වා දුන් ඉන්ධනමිල සූත්‍රය හරහා සෑම මාසයකම 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි වෙනස්කමක් සිදුවේ.

මේ වෙනසත් සමඟ ඉන්ධන මිල හා බැඳුණු අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඉන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට රජයට යම් වැඩපිළිවෙළක් තිබේ දැයි කල විමසීමක දී මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසිය.

'' අපේ රටේ ඉන්ධනවල පමණක් නෙවෙයි සෑම භාණ්ඩ හා සේවාවකම මිල වැඩි කළොත් ඒ සැණින් වෙළෙඳ පොළේ මිල වැඩි කරනවා. යම් දෙයක මිල අඩුකළොත් එහි වාසිය එසැණින් පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ.

මේ නිසා වෙළෙඳුන් තුළ සදාචාරාත්මක ගතිගුණයක් ඇති කළ යුතු වෙනවා. මිල වැඩි කළ වහාම කටයුතු කරන්නේ යම් සේද මිල අඩුකිරීමකදීත් එසේම කටයුතු කිරීමට අප ඔවුන්ව හුරු පුරුදු කළ යුතුයි.

ඊට අවශ්‍ය නීතිරීති, අණපනත් අලුතින් සකස් කිරීමට වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ප්‍රධාන පිරිස මේ දිනවල පියවර ගනිමින් සිටිනවා ...

කිසිවකුටත් අගතියක් නොවන අකාරයෙන් :

භාණ්ඩයක හෝ සේවාවක හෝ මිල වැඩි කිරීමට හේතු ගණනාවක් බලපානවා. ඉන්ධන මිල පමණක් වැඩිවූ විට භාණ්ඩ හා සේවාවක මිල වැඩි කරන්නට බැහැ. ඒ නිසා අපි ඉතා සැලකිල්ලෙන් භාණ්ඩ හා සේවාවක මිල වැඩි කරන්නට ඕනෑ.

ඒ අනුව සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ අප කිසිවකුටත් අගතියක් සිදුනොවන සාධාරණ ආකාරයටයි සියල්ල කළ යුතු වන්නේ. ඒ දේ ඉතා වගකීමෙන් රජය ඉටුකරනවා'' යැයිද සමරවීර මහතා පැහැදිලි කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka