gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙටි කාලෙකින් සුදු වෙන ක්‍රීම් ගැන දැඩි ක්‍රියාමාර්ගයක්

ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග අලෙවි කිරීමට සහ නිෂ්පාදනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම අධිකාරිය සඳහන් කරයි.

කාන්තාවන් හා පාසල් ළමයින් මෙන්ම පිරිමින්ද කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීමට භාවිත කරන ආලේපන පිළිබඳ ආන්දෝලනාත්මක තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී මේ බව තහවුරු වී ඇත. එහිදී ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග 3ක්
අත්අඩංගුවට පත් වූ අතර එම ආලේපන අලෙවි කළ ව්‍යාපාරිකයාට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් 75,000ක දඩ මුදලක් නියම කළ බවත් එම අධිකාරිය විසින් තවදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද දැඩිව ක්‍රියා කරන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දුන් බවද පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka