gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිළිනොච්චි කොටියාගේ මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරයාගෙන් විශේෂ හෙළිදරව්වක්

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ කොටියා වනාන්තරයේ ජීවත් වූ කොටියෙකු නොවන බවට සැකයක් පවතින බව එම සත්ත්වයාගේ මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම සත්ත්වයා මිනිසුන් සමග ජීවත් වූ හීලෑ
සත්ත්වයෙකු බව මරණ පරීක්ෂණයට අනුව කිව හැකි බවත්, සත්ත්වයා ඝාතනය කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවලින් පවා එය හෙළි වෙන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම කොටියා වැනි හොඳින් වැඩුණු නිරෝගී සත්ත්වයෙකු අනිවාර්යයෙන් මිනිසුන්ට පහර දෙන බවත් එහෙත් මෙම කොටියා මිනිසුන්ට පහර නොදෙන බව වීඩියෝ දර්ශන වලින් පෙනෙන බවත් ඔහු සඳහන් කරනවා.

මෙම කොටියා මිනිස් ඇසුරෙහි හීලෑ සතෙකු ලෙස ජීවත් වූ බවට සැක ඇති බවත් එම නිසා සත්ත්වයා මිනිසුන්ට පහර නොදෙන්නට ඇති බවත් වෛද්‍යවරයා මත පළ කරනවා.

කොටියා පහරදීමෙන් බව පවසමින් මිනිසුන් පෙන්වූ තුවාල එම අවස්ථාවේ දී ගස් ආදියේ පැටලීමෙන් හටගත් තුවාළ බවට තමාට අනාවරණය කරගැනීමට ද හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයාගේ සම්පූර්ණ අනාවරණය සහිත හඬපටය පහතින්…

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka