gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංචාරකයන්ට හිතකාමී 'ටුක් ටුක්' ත්‍රීවිල් සේවාවක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ සේවාවක් හදුන්වා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ගාලූ මුවදොර පිටියේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් සංකේතාත්මකව පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.

ත්‍රීරෝද රථ රියදුරන්ට ආදායම් අවස්ථා පුලූල් කරලීම සහ ගුණාත්මක බවින් ඉහළ ත්‍රී රෝද රථ සේවාවක් ස්ථාපිත කිරීම මෙම සංචාරක හිතකාමී ත්‍රී රෝද රථ සේවාවේ අරමුණ වේ.

භාෂා පුහුණුව, ආචාර ධර්ම පුහුණුව, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පිලිබඳ දැනුම මෙන්ම හදිසි ප්‍රථමාධාර පිලිබඳ අවබෝධයද මෙම පුහුණුවට ඇතුළත් වේ.

එම මුද්‍රාව ත්‍රී රෝද රථවල ප්‍රදර්ශණය කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන අතර එමගින් සංචාරකයන්ට එම ත්‍රී රෝද රථ පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ.

පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවකට අනුකූලව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ වනවිට කොළඹ, බෙන්තොට, ඇල්ල, දෙනියාය යන ප්‍රදේශවල ත්‍රී රෝද රථ රියදුරන් 750කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ටද ඉදිරියේදි මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබාදීමට අධිකාරිය තීරණය කර තිබේ.

මෙයට අමතරව සංචාරක හිතකාමී ත්‍රී රෝද රථ රියදුරන් සඳහා වෙන්වු හැදුනුම්පතක් ලබා දීමටද සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

ත්‍රී රෝද රථ වලට අමතරව අවන් හල් සඳහාත් සංචාරක සත්කාරක නිවාස සඳහාත් මෙම සංචාරක හිතකාමි මුද්‍රාව ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

සංචාරක හිතකාමී ත්‍රී රෝද රථ සේවාව ආරම්භ කිරිමේ උත්සවය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් අලූවිහාරේ, හර්ෂද සිල්වා යන මහත්වරුන් සහ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය සහ සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරුන් සහ තානාපතිවරුන්, ඉන්දීය මහ කොමසාරිස් ඇතුලූ පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka