උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 4811 ක් ද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 349 ක් ද සාමාන්‍ය ජනතාවට මෙසේ බෙදාදී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට නිදහස් කෙරුණු ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් යුද හමුදාව පදිංචිව සිටි ඒවාය. එම ඉඩම් ප්‍රමාණය අක්කර 4981 කි.
(lankatruth)
හමුදාව යටතේ තිබූ අක්කර 5160 ක් ජනතාවට බෙදාදේ
2018-07-31T09:36:00+05:30
Gossip Lanka Hot News
slide|