gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්නාරමෙන් හමු වූ මිනිස් ඇට සැකිලි ඇමරිකාවට යවයි

මන්නාරමේ සතොස තොග ගබඩාව අසලින් හමු වූ මිනිස් ඇටසැකිලි හා අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයකට යොමු කොට වාර්තාවක් ලබා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙන අතර නීතිය හා සාමය පිළිබදව වූ අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය මේ අදහසට එකග වන්නේ නම් මිනිස් ඇටසැකිළි හා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමට අදහස් කරණ බව මන්නාරම අධිකරණයේ නිලධාරියෙකු පැවසීය.

මේ වන විට සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනීවලෙන් මිනිස් ඇටසැකිළි 54 කට අයත් සැකිළි හා අස්ථි කොටස් හමු වී ඇති අතර ඉන් පහක් කුඩා ළමයින්ගේ බවට පර්යේෂකයින් සැක පහල කොට තිබේ.

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ යන දෙපාර්ශ්වයේම ඇටසැකිළි හා  අස්ථි කොටස්  මෙම තොගයේ පවතින නමුත් ඒවායින් විශාල ප්‍රමාණයක් විනාශ වී හා හැඩය වෙනස් වීම් වලට ලක්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් ඉතා නිරවද්‍ය හා විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීම උචිත බවට වූ සාකච්ඡාවකින් පසුව ඒවා ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යැවීම කෙරෙහි  අවධානය යොමු වී තිබේ.

එම තීරණයට පැමිණීමට පෙර  අදාල අමාත්‍යංශ දෙක ඊට කැමැත්ත පලකිරීමත් ඒ සදහා යන අධික වියදම පියවීමේ ක්‍රමයකුත් අවශ්‍යව ඇති අතර ඒවා සම්පූර්ණ වීමෙන් පසුව මන්නාරම අධිකරණයෙන් විශේෂ නියෝගයක් ලබාගෙන මිනිස් ඇටසැකිළි හා අස්ථි කොටස් ඇමරිකාවට යැවෙන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka