gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක් (photos)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක් විය .

මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.

මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය
අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ .

මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි.

මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් 12 කට , පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය .

මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන්

පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනය වෙත රැගෙන විත් තිබුණි .

මෙම ගුවන් යානය පැය 03 ක වැනි කාළයක් ගත වන චීනය , ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .

දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව මෙම ගුවන් යානය ද සමග   එයා බස් වර්ගයේ ගුවන් යානා 26 ක් තිබේ .

ඒ අතර A 330- 300 ගුවන් යානා 07 ක් ,

A 330 - 200 වර්ගයේ ගුවන් යානා 06 ක්,

A 320 - 200 වර්ගයේ ගුවන් යානා 05 ක් ,

A 320 - neo වර්ගයේ ගුවන් යානා 02 ක් ,

A 321 - 200 වර්ගයේ ගුවන් යානා 02 ක් සහ A 321 - neo වර්ගයේ ගුවන් යානා 04 ක් ද වේ.

මෙම සර්ව ආගමික වතාවත් සදහා කටුනායක 18 කණුව බෝධිරතනාරාමයේ විහාරාධිකාරි අමන්දොළුවේ ධම්ම රතන හිමියන් , කතෝලික ආගමික වතාවත් ඩැරන් කූංග්ජේ පියතුමා , හින්දු ආගමික වතාවත් එස්.බාලසුබ්‍රමනියම් කුරුක්කල්තුමා ද , මුස්ලිම් ආගමික වතාවත් මවුලවි අබ්දුල්ලා ෆාරිස් යන පූජකවරුන් විසින් අද (30) උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් යානා අංගනයේ , මෙම නවතම ගුවන් යානය අභියස දී පැවැත්වුනි .

(කටුනායක ටී.කේ.ජී.කපිල )


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka