gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලම කෝච්චියට හොරු පැන විදුලි පද්ධති අවුල් කරයි. (photos)

පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වන මඟී ප්‍රවාහන බඩු දුම්රිය ඊයේ (09) වන දින පුත්තලම දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමේදී දුම්රියේ ඇතිවූ විදුලි බල සැපයුමේ ගැටලුවක් හේතුවෙන් මැදිරි රැසකට විදුලිය නොමැතිව යාමෙන් පැයක පමණ ප්‍රමාදයක් සිදුවීමෙන් මඟීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

අදාළ බඩු මඟී ප්‍රවාහන සේවා දුම්රිය, දුම්රිය ප්‍රවේශ වාර අනුව 411 නමින් කොළඹ සිට පුත්තලම බලා
ධාවනය වන අතර නැවත කොළඹ බලා ධාවනය වන්නේ 817 නමින් බවත්, එදින පුත්තලම බලා ධාවනය වෙමින් තිබියදී හලාවත සිට පුත්තලම දක්වා පිහිටා ඇති දුම්රිය ස්ථාන අතර සංවිධානාත්මක සොර කල්ලියක් විසින් දුම්රිය මැදිරි වෙත විද්‍යුතය ලබා දෙන ප්‍රධාන බල සැපයුම් පද්ධතියට හානි සිදුකර එහි ඇති තඹ වර්ගයේ කේබල් වයර් පද්ධතිය ඉතාමත් සූක්ෂම ලෙස සොරා ගෙන ගොස් ඇති බව එම මැදිරි නිරික්ෂණය කළ කාර්මික නිලධාරින් පවසයි.

හලාවත සිට පුත්තලම දක්වා පිහිටා ඇති දුම්රිය ස්ථාන අතර තුර සිටින අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ සංවිධානාත්මක සොර කල්ලියක් මෙය සිදුකරන බවට සැකපල කරති.

මේ පිළිබඳව අප කළ විමසීමකදී පුත්තලම දුම්රිය ස්ථානයේ බලධාරින් පවසා සිටියේ අදාළ කේබල් පද්ධතිය තඹ ලෝහ ආධාරයෙන් නිෂ්පාදනය කර ඇති බවත්, මෙම කේබල් වෙළෙඳපොලේ අධික වටිනාකමකින් යුක්ත නිසාවෙන් මෙලෙස අදාළ සංවිධානාත්මක සොර කල්ලිය මේවා සොරාගෙන රජයට දැඩි අලාභ නිරන්තරයෙන් සිදුකරන බවත්ය.

මෙවැනි අලාභානි සොරකම් මැදිරි තුළ බහුතරයක් සිදුවන්නේ නියාමක මැදිරි පසු පස සහ ඉදිරිපස පිහිටා නොතිබීම නිසා බවත්, එම මැදිරි නියාමකවරුන් තම රාජකාරිය මැනවින් ඉටු
නොකර සිටීමද බරපතල ගැටලු සහගත තත්ත්වයක් බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

සටහන සහ ඡායා -ප්‍රියංකර කළුපහන - පුත්තලම වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka