gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල ගැන අද තීරණයක් ගනී

මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඉකුත් මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කෙරුණා. මුදල් අමාත්‍යාංශය නිවේදනයන් නිකුත් කරමින් ඉකුත් දා සඳහන් කළේ ජාත්‍යන්තර
වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ගණන්ද වෙනස් විය හැකි බවයි.

මුදල් අමාත්‍යාංශය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇතිවූ අනවබෝධ තත්ත්වයක් ඉන්ධන මිල පිළිබඳ ගැටලූවක් ඇතිවීමට හේතුවූ  බවයි ඛණිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ  කියා සිටියේ.

වත්මන් රජයේ පාර්ශ්ව කිහිපයක් අතර පවතින ගැටලූකාරී තත්ත්වයක් ඉන්ධන මිල පිළිබඳ අර්බුධයෙන් ඉස්මතු වන බවයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka