gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව හා ඒකාබද්ධය පූට්ටුකරන යෝජනාව අද

ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිකිරීමේ යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) දින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට තමන් විසින් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට
නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිවිය යුතු බවත් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයද කඩිනමින් රට හමුවේ තැබීමට ක්‍රියා කරන බවත් නානායක්කාර මහතා පෙන්වා දෙයි.

ආණ්ඩු විරෝධය කෙමෙන් වැඩි වීමත් සමඟම ආණ්ඩු විරෝධී බලවේගවලට එකට එක්වී පුළුල් ජාතික බලවේගයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණ කඩිනමින් පිහිටුවිය යුතු බව නානායක්කාර මහතා කියා සිටී.

මීට අමතරව ආණ්ඩුවට එරෙහිව ආරම්භ කිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ඒකාබද්ධ විපක්ෂයේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka