gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිසාපති මාරු වුණත් TNA අරමුණු ඉටු නොවෙයි

වවුනියාව දිසාපති සෝමරත්න විදානපතිරන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි (6දා) සිට ගාල්ල දිසාපතිවරයා වශයෙන් මාරුකොට ඇති බව වාර්තාවේ.

ඒ අනුව එහි නව දිසාපතිවරයා වශයෙන් මඩකලපුව නින්දවූර් ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ එම්.හනීෆා මහතා පත්කිරීමට නියමිතය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ
ප්‍රබල ඉල්ලීම් හමුවේ වවුනියාව දිසාපතිවරයා මාරුකොට ඇති බවටද කරුණු වාර්තාවේ.

මේ පිළිබඳව "ශ්‍රී ලංකා මිරර්" විදානපතිරන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා කළ ඉල්ලීමකට අනුව මෙම මාරුවීම ලැබුණු බවයි. එහිදී වෙනත් බලපෑමක් මත එය සිදුවූයේද යන්න අප විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් හෙතෙම කියා සිටියේ වෙනත් ප්‍රශ්නයක් පවතින නමුත් එය තමාට අදාළ නොවන බවයි.

මේ අතර අප වවුනියාව දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. තිරේෂ් කුමාර් මහතාගෙන් කළ විමසීමකදී ඔහුද කියා සිටියේ විදානපතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව අදාළ ස්ථාන මාරුව සිදුවන බවයි.

සෝමරත්න විදානපතිරණ මහතා වවුනියාව දිසාපතිවරයා වශයෙන් පත්ව දැනට වසරක කාලයක්වත් ගත වී නොමැත.

එතුමා වවුනියාවට පැමිණ වවුනියාව දිසාපති කාර්යාලය තුළ සර්ව ආගමික මධ්‍යස්ථානයක් පිහිටුවීමට උත්සහ කළ අවස්ථාවේදී ඔහු බුදුපිළිමයක් තැන්පත් කිරීමට යන බවට වැරදි අර්ථ කථනයක් රජයට ලබා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ ඔවුන්ගේ විරෝධය පල කොට ඇත.

මේ අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට දිසාපතිවරයා ලක්වූයේ පදනම් විරහිත චෝදනා නිසා බවද පැවසේ.

අනතුරුව වවුනියාව වැව ආශ්‍රිතව වූ ප්‍රදේශය අලංකාර ලෙස සංවර්ධනය කොට දියන්නාවේ මෙන් ඇවිදින මංතීරු තනා දර්ශනීය උද්‍යානයක් සකස් කිරීමට සෝමරත්න විදානපතිරන මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඊට හරස් වී ''ඔබ ඔබේ රාජකාරිය කරන්න.දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සංවර්ධන කටයුතු බලා ගනීවී'' යනුවෙන්ද පවසා තිබේ.

වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්ධානයේ පිරිසට ඉතා දැඩි අවශ්‍යතාවයක්ව පැවතියේ දෙමළ ජාතිකයෙකු වවුනියාව දිසාපතිවරයා වශයෙන් පත් කරවා ගැනීමට වුවද වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත් කිරීමට තෝරාගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයෙකි.

වවුනියාවේ දිසාපති ධුර ඉතිහාසය තුළ මුස්ලිම් ජාතිකයෙකු වවුනියාවේ දිසාපතිවරයා වන ප්‍රථම අවස්ථාව මෙය වන බවද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka