gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදීන් බියවැද්දීම හෙළා දකිනවා - ඇමති මංගල

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට තොරතුරු සැපයීමට දායකවූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් බියගැන්වීම හා අපහාස කිරීම තමා හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

''එම තොරතුරු සැපයූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල කිරීම පිළිබඳව මා පුදුමයට පත්වුණා.
එම වාර්තාවේ සඳහන් චෝදනා පිළිබඳව අදාළ බලධාරීන් විසින් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි.

පොදු විපක්ෂය හා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් එම මාධ්‍යවේදීන්ගේ වැඩකටයුතුවලට බාධා කිරීම හෙළා දකිනවා. එම බාධා කිරීම් වහාම නැවැත්විය යුතුයි.

එම බාධාකිරීම්වලට සම්පූර්ණ වගකීම පොදුජන පෙරමුණේ නායකත්වය භාරගත යුතු අතර එවැනි දේ නැවත නොවීමට වගබලා ගත යුතුයි.

මේ රජය බලයට පත්වු‍ණේ මාධ්‍ය නිදහස ලබාදෙනවා කියන පොරොන්දුව සමඟයි. මහින්ද රාජපක්ෂගේ අඳුරු යුගය තුළ තමයි වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් මරා දැමීම, පහරදීම හා මාධ්‍ය ආයතනවලට පහරදීම සිදුකළේ.

සත්‍ය හෙළි කිරීමට ගිය පුද්ගලයින්ට මෙවැනි දේ සිදුකර අඳුරු යුගයකට නැවත අපි යාමට ඉඩතබන්නේ නැත.

රජය නැවතත් අවධාරණය කරන්නේ සියලු ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ වෘත්තිය නිදහසේ කරගෙන යාමට සුදුසු වටපිටාවක් ඇතිකරන බව. ඒ තුළින් දැඩි විවේචන ඉවසා ගැනීමට රජයට සිදුවුවත් අප එම ප්‍රතිපත්තිය රකින බවට ප්‍රකාශ කරනවා.''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka