gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලි කියුබ් එක 5000 කින් අඩු කරයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිකිරීම් සඳහා සහනයක් ලබාදීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දැනට වෙළෙඳපොලෙහි රුපියල් 18,000ක් පමණ
වන වැලි කියුබ් එකක් රුපියල් 5000 ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය

මෙය අගෝස්තු මස සිට ආරම්භ කෙරෙන අතර ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර ඉන්පසු සහ වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කරන ලදී.

මෙම අවස්ථාවේදී එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසා සිටියේ නිවාස ඉදිකරන්නන් සඳහා සහන මිලකට වැලි ලබා දෙන අයුරින් කළුගල් ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩ පිළිවෙළක්ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ඇති කිරීමට සැලසුම් කොට ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka